යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

දෙසැම්බර් 07, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ අද (දෙසැම්බර් 7) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත මෙම පත් කිරීම සිදු කරන ලදී.

මාතලේ විජය විද්‍යාලයෙන් බිහි වූ ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කළ අතර, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සේවයෙන් විශ්‍රම ගැනීමෙන් අනතුරුව මෙම තනතුර සඳහා ඔහුව පත් කර  ඇත.