නික්මයන එක්සත් රාජධානියේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 07, 2021

සිය ධූර කාලය සම්පූර්ණ කිරීමට නියමිත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් අද (දෙසැම්බර් 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගැනීමට නියමිත කර්නල් පෝල් ක්ලේටන් ද නික්මයන ආරක්‍ෂක උපදේශක සමග මෙරට ආරක්‍ෂක ලේකම් හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් ඔවුන් දෙදෙනා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර, කර්නල් අෂ්මාන් විසින් ශ්‍රී ලංකාවේ ධූර කාලය තුළ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදුන් සහයෝගිතාව පිළිබඳව ආරක්‍ෂක ලේකම් වෙත සිය කෘතඥතාව පළ කළේය.

නික්ම යන ආරක්‍ෂක උපදේශකවරයාගේ සේවය අගය කළ ජෙනරල් ගුණරත්න ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුබපැතුම් පළ කළේය.

දෙරට අතර ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව සහතික කළ ආරක්‍ෂක ලේකම්, කර්නල් ක්ලේටන්ගේ නව තනතුර සඳහා සුබ පැතුම් ද එක් කළේය.

මෙම අවස්ථාවේදී ඔහු විසින් නික්මයන ආරක්‍ෂක උපදේශක වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව පවත්වන ලදී.

මෙම අවස්ථාවට හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගී විය.