2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩකයින්ගෙන් ජයග්‍රහණ

දෙසැම්බර් 15, 2021

පසුගියදා උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හි පැවති 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් දිනාගැනීමට සමත් විය.

මෙහිදී ඔවුන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූ බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා පවසයි.

පිරිමි කිලෝග්‍රෑම් 67 බර පන්තිය යටතේ තරග කල නායක ගුවන් භට මනෝජ් විජේසිංහ කිලෝග්‍රෑම් 254ක බරක් ඔසවමින් ලෝකඩ පදක්කම දිනාගත් අතර කාන්තා බර ඉසිලීමේ ක්‍රීඩිකා නදීෂානි රාජපක්ෂ කාන්තා කිලෝග්‍රෑම් 59 බර පන්තිය යටතේ කිලෝග්‍රෑම් 164ක් ඔසවමින් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලිය සහ ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ ලෝක ශූරතාවලියට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් 20 දෙනෙකුගෙන් යුත් බර ඉසිලීමේ කණ්ඩායමක් තෝරාගෙන ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.