ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතු ශ්‍රී ලංකා භට පිරිස් වෙත ගෞරව පදක්කම්

දෙසැම්බර් 16, 2021

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්හි ආදර්ශමත් කැපවීම වෙනුවෙන් ලෙබනනයේ සාමසාධක රාජකාරින් හි නියුතු භට පිරිස් වෙත එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා පදක්කම් පෙළපාලියේදී පදක්කම් ප්‍රදානය කරන ලදී.

ලෙබනනයේ සාමසාධක රාජකාරින්හි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සඳහා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.එස් බටගල්ල ගේ ආරාධනයෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ප්‍රධානී මේජර් ජෙනරල් ස්ටෙෆානෝ ඩෙල් කෝල් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ලෙබනන් ජනරජයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න, ලෙබනනයේ සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම උත්සවයට සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා නියෝජනය කරමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ ප්‍රමුඛ නියෝජිත පිරිසක් ද උත්සවයට සහභාගි වූ අතර එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ප්‍රධානී විසින් ශ්‍රී ලාංකික නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබූ බව යුද හමුදාව සඳහන් කරයි.