මාධ්‍ය නිවේදනය

දෙසැම්බර් 25, 2021

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බංග්ලාදේශය දක්වා ගමන් කරමින් සිටියදී ඉන්ධන හිඟයක් නිසා හදිසි ආපදා තත්වයකට මුහුණ දීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මඩකලපුව වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නැංගුරම් ලා තිබූ බාජ් යාත්‍රාව (බත්තල) කැණීම් කටයුතුවල නිරතව සිටි බවට සමාජ මාධ්‍යවල සහ ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වන විස්තර  සත්‍යයෙන් තොර බව ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ වනවිට මෙම යාත්‍රාව ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ත්‍රිකුණාමලයේ පිහිටි දේශීය නැව් නියෝජිතායතනයක් වන ‘වික්ටරි ඒජන්සීස්’ මගින්  ලබාදී එහි ගමනාන්තය දක්වා යාත්‍රා කරවීමට කටයුතු සූදානම් කර ඇත.

එම නිසා, මෙවැනි අසත්‍ය තොරතුරුවලින් මහජනතාව නොමග නොයන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටිනු ලැබේ.