මඩකලපුව ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

දෙසැම්බර් 29, 2021

මඩකලපුව, මංගලගම, කෙවිලියාමඩු ප්‍රදේශයේ පදිංචි පවුලක් සඳහා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් භාරදීම පසුගියදා සිදු විය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් නිවස භාරදීමේ උත්සවය පැවති අතර එහිදී ඒ. එම්. නන්දනී මහත්මියගේ පවුල වෙත නිවස භාර දීම සිදුවිය.

මනෝවිද්‍යාඥයෙකු, කථිකාචාර්යවරයෙකු සහ ලේඛකයෙකු වන දිවංගත චන්දන ගුණවර්ධන මහතාගේ මුල්‍ය අනුග්‍රහයෙන් 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කල බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිවාස ප්‍රතිලාභියාගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසින් ද මේ අවස්ථාවට සහභාගී වූ අතර එහිදී එම පවුල වෙත ගෘහ උපකරණ කිහිපයක් ද ප්‍රදානය කල බව යුද හමුදාව සඳහන් කරයි.