බක්මීගම වැව් බැම්මේ කාන්දුව යුද හමුදාව අලුත්වැඩියා කරයි

ජනවාරී 05, 2022

බක්මීගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බක්මීගම වැව් බැම්මෙහි ජල කාන්දුවක් පිළිබඳ දැනුම්දීමකින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එය අලුත්වැඩියා කරන ලදි.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේගේ උපදෙස් මත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් විසින් වැලි මළු යොදා වැව් බැම්ම ශක්තිමත් කරන ලද බව ශ්‍රී ලංකා යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

පසුගිය දිනවල ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැව් බැම්මෙහි ජල කාන්දු වී ඇති වූ බව වාර්තා වන අතර 223 බලසේනාවේ බලසේනාධිපති, 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී සහ භට පිරිස් මෙම අවස්ථාවට සහභාගී වූ බව යුද හමුදාව පවසයි.