කොතලාවල විශ්වවිද්‍යාල නව හෙද උපාධි අපේක්ෂකයින්
සිය ප්‍රතිඥාව ලබාදෙයි

ජනවාරී 07, 2022

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ පාඨමාලා අංක 35 සහ 36 ට අයත් හෙද උපාධි අපේක්ෂකයින් ප්‍රතිඥා ලබාදීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (ජනවාරි 04) වේරහැර පිහිටි සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ දී සිදු කෙරිනි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතා සහභාගි වූ අතර උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය මහතා සහභාගී විය.

එහිදී පහන සහ හෙද හිස් වැසුම ලබා ගැනීමෙන් පසු පාඨමාලා දෙකක හෙද උපාධි අපේක්ෂකයින් 75 දෙනෙකු ප්‍රතිඥා ලබා දුන් බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

ප්‍රතිඥා දීමෙන් පසු වෘත්තීය මාවතකට අවතීර්ණ වූ සියලුම හෙද උපාධි අපේක්ෂකයින්ට සම්භාවනීය පිරිස සුබ පතන ලදි.