ප්‍රථම වරට ගංජා ටොන් 6ක් ගුවනින් ප්‍රවාහනය කෙරේ

ජනවාරී 07, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අම්පාර කුමන රක්ෂිතය තුල ගංජා වැටලීමේ මෙහෙයුමක් ජනවාරි 05 හා 06 දෙදින තුල සිදු කරන ලදී.

ගුවන් හමුදා ආවේශන නිරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිළුලයක් ලෙස සිදු කරන ලද මෙම මෙහෙයුම අංක 08 ප්‍රවාහන බලගනයේ NA 60 ගුවන් යානය මගින් නිරීක්ෂණය කර ඇත.

මෙහෙයුමේදී ගංජා කිලෝග්‍රෑම් 5788ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර M117 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් ප්‍රථම වරට ගංජා තොගය සහස්‍රවේලී පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත ප්‍රවාහනය කරන ලදී.