මුලතිව් සිසුන් සියයකට යුද හමුදාවෙන් පාසල් පාවහන්

ජනවාරී 18, 2022

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සිසුන් 100 දෙනෙකු සඳහා පාසල් පාවහන් පසුගියදා ප්‍රදානය කරන ලදී.

මුලතිව් හි තෝරාගත් පාසල්වල සිසුන්ට මුලතිව් විද්‍යානන්ද විද්‍යාල පරිශ්‍රයේදී මෙම ප්‍රදානය ලබා දුන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

මුලතිව් භට පිරිස්වල ඉල්ලීම සහ සම්බන්ධීකරණය මත පෞද්ගලික සමාගමක් විසින් මෙම ප්‍රදානය සඳහා අනුග්‍රාහකත්වය දක්වා තිබුණි.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ, 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 591 සහ 592 බලසේනාවේ බලසේනාධිපතිවරුන් මෙම උත්සවයට සහභාගි වූහ.

එම පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව යුද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.