මිලියන දහයක කෘත්‍රිම පාද රණවිරුවන් 167 දෙනකු සදහා ලබා දෙයි

ජනවාරී 25, 2022

රණවිරු සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන දහයක් වැයදරා  රණක්ෂිතයට පත් රණවිරුවන් 167  දෙනකු සදහා අවැසි කෘත්‍රිම පාදයන් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරනු ලැබීය.

දිවයින පුරා විසිරී සිටින රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ අවශ්‍යතාවයන් මත සකස් කරන ලද කෘත්‍රිම පාද 152ක් රණවිරු සේවා අධිකාරිය වෙත භාරදීමෙන් අනතුරුව,සකසන ලද කෘත්‍රිම පාදයන්හි තත්වය සහ ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සහ දිස්ත්‍රික්ක වෙත යොමු කිරීමේ සැලැස්ම සාකච්ඡා කිරීම ගරු සභාපතිතුමා, අධ්‍යක්ෂතුමා සහ පුනරුත්ථාපන හා පසුඋවටැන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලැබීය.

මේ අවස්ථාවේ දී පුනරුත්ථාපන හා පසුඋවටැන අංශය විසින්  කෙටි කාලයක් තුළ දී දිස්ත්‍රික්ක වෙත ආබාධිත සහායක උපකරණ යොමු  කිරීමට කටයුතු කිරීම පිළිබදව එම අංශයේ කාර්ය මණ්ඩලයද ගරු සභාපතිතුමාගේ විශේෂ   ඇගයීමට ලක්විය.

දිවයින පුරා විසිරී සිටින රණක්ෂිතයට පත් රණවිරුවන් හට එම කෘත්‍රිම පාද බෙදා හැරීමේ සැලැස්මේ පළමු අධියර වශයෙන්  2022 ජනවාරි මස 20 වන බ්‍රහස්පතින්දා දිනයේ දී රත්නපුර, කෑගල්ල, මහනුවර , මාතලේ, නුවරඑළිය , කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර,පොළොන්නරුව දිස්ත්‍රික්ක වෙත රණවිරුවන් 118 දෙනකු සදහා කෘත්‍රිම පාද යොමු කිරීමට රණවිරු සේවා අධිකාරියට  අනුයුක්තව රාජකාරියේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දායකත්වය ඇතිව කටයුතු කරන ලදී.