අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා අත්අඩංගුවට

පෙබරවාරි 05, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිසියේ සහය ඇතිව ඊයේ (පෙබ 04) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 08 ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 76 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා නෞකාවට අනුයුක්ත නාවික භට පිරිසක් විසින් මෙම මෙහෙයුම සිදු කල අතර මෙහිදී සැකකරුවන් තිදෙනෙකු, යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

සැකකරුවන් අවුරුදු 21 සිට 39 දක්වා වයස් වල පසුවන මන්නාරම සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය, වාහන සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කළේය.