යාපනයේ ඩෙංගු මර්දනයට යුද හමුදා සහය

පෙබරවාරි 09, 2022

සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව යුද හමුදා භට පිරිස් විසින් යාපනය නගර ප්‍රදේශය ආවරණය කරමින් දින 4 ක පිරිසිදු කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත 14 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලයේ සහ පොලිස් නිලධාරීන්ගේ සහය ඇතිව මෙම වැඩසටහන පවත්වන ලද බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.