කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ “La Jolla” අතර ගිවිසුමක්

පෙබරවාරි 14, 2022

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය එහි අධ්‍යයන පර්යේෂණ පැවැත්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ “La Jolla” ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත.

ඩෙංගු වෛරසයේ මානව ප්‍රතිශක්තිකරණ සහ ආසාදන, රෝග සහ එන්නත් කිරීමේදී “Mycobacterium Tuberculosis“ ආසාදන වලට නිරාවරණය වීම ඇතුළු රෝග සහ එන්නත් පිළිබඳ සහයෝගිතා පර්යේෂණ පැවැත්වීම සඳහා දෙපාර්ශවයම ගිවිසුමට අත්සන් තබා ඇති බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සදහන් කරයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ වෛද්‍ය ආචාර්ය අරුණ දර්ශන් ද සිල්වා මහතා “La Jolla” ආයතනය සමඟ ගිවිසුමට අත්සන් තැබූ බව එහි සඳහන් වේ.

පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ගිවිසුම මාර්ගගත ක්‍රමයට අත්සන් කර ඇත.