පෝලන්ත ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මාර්තු 21, 2022

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකාව සඳහා පෝලන්ත ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රඩොස්ලාව් ග්‍රාබ්ස්කි සිය ධුර කාලය සම්පුර්ණ කර නික්මයාමට පෙර අද (මාර්තු 21) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම හමුවේදී, කර්නල් ග්‍රාබ්ස්කිගේ ධුර කාලය තුළ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලබා දුන් සහයෝගය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් සිය කෘතඥතාව ඔහු වෙත පළ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කර්නල් ග්‍රාබ්ස්කි සහ ජෙනරල් ගුණරත්න අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගි විය.