ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට පාකිස්තාන හමුදා කණ්ඩායම් තරඟාවලියේදී රිදී පදක්කමක්

මාර්තු 24, 2022

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම 2022 මාර්තු 3 සිට 13 දක්වා පාකිස්තානයේ ඛාරියන්හි පිහිටි පාකිස්තාන යුද හමුදා National Counter-Terrorism මධ්‍යස්ථානයේ පැවති 5 වන ජාත්‍යන්තර පාකිස්තාන හමුදා කණ්ඩායම්  තරඟාවලියට සහභාගී වී රිදී පදක්කමක් දිනා ගන්නා ලදී.

නේපාලය, තුර්කිය, මොරොක්කෝව, උස්බෙකිස්තානය, බහරේන්, කෙන්යාව සහ සෞදි අරාබිය යන රටවලින් ජාත්‍යන්තර කණ්ඩායම් 16කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මෙම අවස්ථාව සඳහා තරඟ වට 30කින් පසු මනා ශාරීරික හා මානසික විඳදරාගැනීමේ හැකියාවෙන් යුත් හොඳම කණ්ඩායම තෝරා ගත් බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව යන රෙජිමේන්තුවලින්  නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් අට දෙනෙකු ඇතුළත් වූ බව යුද හමුදාව තහවුරු කළේය.