වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් තවත් කැස්බෑ පැටවුන් මුහුදට මුදාහරියි

අප්‍රේල් 06, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් තවත් කැස්බෑ පැටවුන් රැසක් පසුගියදා මුහුදට මුදා හරින ලදී.

වෙරළාරක්‍ෂක කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ විවිධ ස්ථානවලදී සංරක්ෂණය කරන ලද කැස්බෑ පැටවුන් තුන්සිය දහතුනක් පසුගිය දින කිහිපය තුළදී මුහුදට මුදා හරින ලද බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රථම වරට මුහුදට ඇතුළු වන නව ජන්ම මුහුදු කැස්බෑවුන් දැක ගැනීමේ දුර්ලභ දර්ශනය නැරඹීමට ප්‍රදේශවාසීන් සහ විදේශීය සංචාරකයින් පිරිසක්ද මෙම ස්ථානයට පැමිණ සිටින ලදී.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන්ගේ ආරක්ෂාව සහ ස්වභාවික වාසභූමිය සුරැකීම සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ආයතන ආශ්‍රිතව කැස්බෑ බිත්තර සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට ඔවුන් විසින් මෙම වසර තුළ කැස්බෑ පැටවුන් 4144 ක් පමණ මුහුදට මුදා හැර ඇති බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.