ඉන්දියානු නාවික නෞකාවක් දිවයිනට පැමිණේ.

ජුනි 18, 2019

ඉන්දියානු නාවික හමුදාවට අයත් රන්වීර් (Ranvir) නෞකාව අද (ජූනි 18) තෙදින සුහද සංචාරයක් සදහා දිවයිනට ලඟා වූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. අද උදෑසන කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගන්නා ලදී.

නෞකාව දිගින් මීටර් 146 ක් සහ කාර්ය මණ්ඩලය 273 කින් සමන්විත වේ. තවද, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයක් සඳහා මෙම කණ්ඩායම සහභාගි වීමට නියමිතව ඇත. රන්වීර් (Ranvir) නෞකාව බ්‍රහස්පතින්දා (ජූනි 20) දින දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත