වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලට නාවික හමුදාවෙන් ලේ පරිත්‍යාග

අප්‍රේල් 29, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (28) ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල වෙත ලේ පරිත්‍යාගය කරන ලදි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් පරිදි නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානය සිය සමාජ වගකීම් වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර සංචිත නිසි ලෙස පවත්වාගැනීමේ අරමුණෙන් නාවික විධාන රෝහලේදී  මෙම වැඩසටහන සංවිධානය කරන ලද බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව මෙම උදාර සත්කාර්යය  සාර්ථක කර ගැනීම සඳහා උතුරුමැද නාවික විධානයට අයත් ආසන්නතම නාවික ආයතන වෙත අනුයුක්ත නාවිකයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් සහභාගී වී ලේ පරිත්‍යාග කලහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහ වවුනියාව රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහය ද ලැබී ඇති බව එම පුවත වැඩිදුරටත් සඳහන් කළේය.