කාලගුණ තත්වය

මැයි 04, 2022

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 04) දහවල් 1200ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැක. බස්නාහිර හෝ නිරිත දෙසින් සුළං හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 වේ. එම මුහුදු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී.50 දක්වා සුළගේ වේගය වැඩි විය හැකි බව එහි සඳහන් වේ. 

Sinhala.