වත්තල වෙළඳසැල් තුනක ඇතිවූ ගින්න නාවික හමුදාව මැඩපවත්වයි

මැයි 06, 2022

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක රෙදිපිළි අලෙවිසැල් තුනක හටගත් ගින්නක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (මැයි 06) අලුයම මැඩපවත්වා ඇත.

ගින්න පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ නාවික හමුදා ගිනි නිවන කණ්ඩායම එම ස්ථානයට ගොස් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීමට කටයුතු කර ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නෞකාවට අනුයුක්ත ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය උපකරණ සමඟ එම ස්ථානයට යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය

Sinhala.