ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයා ලෙස යළි පත් කෙරේ

මැයි 11, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට පැවරී ඇති බලතල අනුව අඟහරුවාදා (මැයි 10) සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් පත් කර තිබේ.

ඒ අනුව, ආරක්‍ෂක, මහජන ආරක්‍ෂාව සහ මුදල් යන අමාත්‍යාංශවල ලේකම්වරුන් නැවත පත් කරනු ලැබුවේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහාය.

ඒ අනුව පහත සඳහන් නිලධාරීන් නැවත අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස පත් කර ඇත.

• ආරක්ෂක අමාත්‍යාංශය - ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික)
• මහජන ආරක්ෂක අමාත්‍යාංශය - මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික)
• මුදල් අමාත්‍යාංශය - කේ.එම්. මහින්ද සිරිවර්ධන   

අද (මැයි 11) ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ද ඔහුගේ මෙම පත්වීම තහවුරු කළේය.