සාගර කාලගුණය අයහපත් අතට - කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මැයි 17, 2022

ඉදිරි පැය 24 තුළ පහත සඳහන් මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස අද (17) දින සාගර කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට අනතුරු අඟවයි.
 
කන්කසන්තුරේ සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ/ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කන්කසන්තුරේ සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන පැ.කි.මී. 40-45 වන සුළගේ වේගය පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැක.

තවද, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.