පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක තත්වය ආරක්‍ෂක ලේකම් නිරීක්‍ෂණයට

මැයි 17, 2022

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (මැයි 16) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි ක්‍රියාත්මක වන ආරක්‍ෂක වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීම සඳහාය.

විශේෂයෙන් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තුවේ, ගරු මන්ත්‍රීවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ඇති ආරක්‍ෂක සූදානම ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට ලක්විය.

පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාව තර කර ඇත.