විජයග්‍රාහී දිනයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසකට නිල උසස්වීම්

මැයි 19, 2022

විජයග්‍රාහී දිනයට සමගාමීව, අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍ය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් යුද හමුදා නිලධාරීන් 396 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 74 දෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරීන් 450 දෙනෙකු මීළඟ නිලයට උසස් කර ඇත.

ඊට අමතරව යුද හමුදා සෙසු නිලයින් 8110ක්, නාවික හමුදා සෙසු නිලයින් 2010ක් සහ ගුවන් හමුදාවේ සෙසු නිලයින් 3361ක් සඳහාද උසස්වීම් ලබාදී ඇත.