ආපදා කළමනාකරණ අංශය ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

ජුනි 03, 2022

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ අංශයෙහි වත්මන් පරිපාලනය, ක්‍රියාකාරීත්වයන් සහ ඉදිරි සැලසුම් අද දින (ජූනි 6) උදෑසන අධීක්ෂණයට ලක් කලේය.

ඉන් අනතුරුව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ ඇතුළු ආපදා කළමනාකරණ ආයතන ප්‍රධානීන් සහ විධායක නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ඉදිරියේදි ගතයුතු පරිපාලනමය ක්‍රියා පිළිවෙත සහ ජනතාවගේ සුරක්ෂිතතාවය සඳහා ආයතන ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන අධ්‍යක්ෂ ජනරාල්වරුන් විසින් කළ යුතු කාර්යභාරය මෙන්ම විද්‍යාත්මක සහ තාක්ෂණික වගකීම් සබැඳි පැහැදිලි උපදෙස් මෙම සාකච්ඡාවේදි ලබාදෙන ලදි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතනයකි.