පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක්
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 07, 2022

එයාර් කොමඩෝර් අක්තාර් ඉම්රාන් සද්දෝසායිගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් අද (ජුනි 6) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම සැසියේදී ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්තාන නියෝජිත පිරිස සමඟ සුහද කතාබහක නිරත වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම් සහ එයාර් කොමඩෝර් සද්දෝසායි අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් ද එක්ව සිටියහ.