ඔරු පැදීමේ තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

ජුනි 07, 2022

ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික ඔරු පැදීමේ (Canoeing & Kayaking) තරඟාවලිය - 2022 දියවන්නාව වැව් පරිශ්‍රයේදී ජුනි මස 3 දින සිට 5 දින දක්වා පැවති අතර ඒ සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.

තරඟාවලිය සඳහා පිරිමි කාණ්ඩය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගනිමින් ශූරතාවය දිනාගත්හ. එමෙන්ම, ජාතික තරගාවලියේ රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන් ද සමත්වූහ.

පසුගිය වසර කිහිපය තුළ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෑම ඉසව්වකදීම ශූරතාව දිනාගනිමින් අඛණ්ඩව මෙම තරඟාවලිය ජය ගැනීමට සමත්වූහ.

අනුග්‍රහය - www.army.lk