යුද හමුදා භට පිරිස්ගෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ජුනි 08, 2022

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එහිදී මධ්‍යම ලේ බැංකුව වෙත ලබා දීම සඳහා යුද හමුදා සහ සිවිල් සාමාජිකයින් 120 දෙනෙකු පමණ රුධිරය ලබා දුන් බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

14 වන සේනාංකයට අයත් 144 බලසේනාවේ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් පසුගිය සිකුරාදා (ජූනි 3) දින නාරාහේන්පිට අභිනවාරාම විහාරස්ථානයේදී මෙම වැඩසටහන පවත්වන ලදී.

කොළඹ නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුවේ අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

රෝහල් වල අවශ්‍ය රුධිර තොග පවත්වාගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට සහය වීම සඳහා හමුදා භට පිරිස් රටේ විවිධ ප්‍රදේශවල මෙවැනි වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.