රණක්ෂිතයට පත් රණවිරුවන්ගෙන් ත්‍රිකුණාමල වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ජුනි 09, 2022

රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් කාර්යාලය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමුද්‍ර හා පරිසර ආරක්ෂණ අධිකාරිය හා එක්ව "පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්"යන තේමාව යටතේ වෙරළ පවිත්‍රතා වැඩසටහක් ත්‍රිකුණාමලය "පරණ ජැටිය" සමූද්‍රීය වෙරළ තීරයේදී පසුගිය දා පවත්වන ලදී.

ත්‍රිකුණාමලය රණවිරු සංසද නිලධාරීන්ගේ දායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ත්‍රිකුණාමලය දිසාපති බී.එස්.එන්. ජයවික්‍රම මහතා,අතිරේක දිසාපති එස්.අරුල්රාජ් මහතා, රණවිරු සේවා අධිකාරියේ නැගෙනහිර පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණදාස හේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.