“මිනුස්මා” ආඥාපති මාලි හි ශ්‍රී ලංකා මෙහෙයුම් පිළිබඳ නිරීක්‍ෂණයක

ජුනි 10, 2022

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් (මිනුස්මා) ආඥාපති ලුතිතන් ජෙනරල් කොරනේලිස් ජොහාන්ස් මත්තිසේන් (Cornelis Johannes Matthijssen) පසුගියදා මාලි හි ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සංචාරයක නිරත විය.

මාලි හි ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් දිනේෂ් බුලත්සිංහල විසින් ලුතිනන් ජෙනරල් මත්තිසේන් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්යභාරයන් සහ මෙහෙයුම් පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළ බව යුද හමුදා ආරංචි මාර්ග පැවසීය.

මෙම සංචාරය අතරතුරදී, ආඥාපති විසින් ශ්‍රී ලංකා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ සේවය අගය කල බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.