වෙරළාරක්‍ෂක කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ තවත් මුහුදු කැස්බෑ පැටවුන් මුදා හැරේ

ජුනි 14, 2022

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් තවත් මුහුදු කැස්බෑ පැටවුන් කණ්ඩායමක් ඔවුන්ගේ ස්වභාවික වාසභූමි කරා නිදහස් කරන ලදි.

ඒ අනුව, වෙරළාරක්‍ෂක කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ කැස්බෑ පැටවුන් 206 ක් මුහුදට මුදා හරින ලද බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් මේ වසර තුළ පමණක් කැස්බෑ පැටවුන් 9574ක් මුහුදට මුදා හැර ඇති අතර, දැනට කැස්බෑ බිත්තර 6293ක් රට පුරා වෙරළාරක්‍ෂක ජීවිතාරක්‍ෂක මධ්‍යස්ථාන ඇතුළු ආයතන ආසන්නයේ ඇති සංරක්‍ෂණ ස්ථාන වල සංරක්‍ෂණය කෙරේ.

Sinhala.