ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 15, 2022

ශ්‍රී ලංකාවේ ඉන්දීය ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් 2022 ජුනි 09 වැනි දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම හමුවට එක්විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ත්‍යාග සහ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.