ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක තනතුරෙන් සමුගනී

ජුනි 17, 2022

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරල් නිශාන්ත හේරත් අද (ජුනි 17) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා මෙම සුහද සාකච්ඡාවේදී නික්ම යන සේනාවිධායකගේ සේවය ඇගයීමට ලක් කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා උණුසුම් සුබ පැතුම් එක් කළේය.

මේජර් ජෙනරල් හේරත් සිය කීර්තිමත් යුධ හමුදා දිවිය තුළ මෙහෙයුම්, උපදේශක සහ මාණ්ඩලික පත්වීම් ගණනාවක් හොබවා ඇති අතර, දේශ පුත්‍ර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත. ඔහු වසර 35 ක සේවා කාලයක් අවසන්කර නුදුරේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.