ගුවන් හමුදාවෙන් නාගරික කෘෂිකර්මය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්

ජුනි 18, 2022

'නිවහනට අස්වැන්න'

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සියලුම ගුවන් හමුදා කඳවුරු ආවරණය වන පරිදි නාගරික කෘෂිකර්මය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 16 වන දින ආරම්භ කරන ලදි.

'නිවහනට අස්වැන්න' තේමා පාඨය කර ගනිමින් කඳවුරු නිවස්න ප්‍රදේශ තුළ තම පරිභෝජනයට අවශ්‍ය එළවළු වගා කිරීම සහ ඒ සඳහා සූදානම් වීමට හැකි සෑම පියවරක්ම ගැනීම සඳහා ජනතාව අතර ස්වයං අභිප්‍රේරිත දින චර්යාවක් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකි.

ඒ අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් ගුවන්පුර ගුවන් හමුදා නිල නිවාස පරිශ්‍රයේ දී එළවළු පැළ ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වූ බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.