නාවික හමුදාව දැදුරු ඔයේ සිරවී ඇති සුන්බුන් ඉවත් කරයි

ජුනි 27, 2022

පුත්තලම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාව විසින් පුත්තලම ආනවිළුන්දාව ප්‍රදේශයට නුදුරින් දැදුරු ඔයේ සිරවී තිබූ සුන්බුන් ඉවත් කිරීම පසුගියදා සිදු කරන ලදී.

සුන්බුන් නිසා ජල ප්‍රවාහය අඩු වී ප්‍රදේශයේ වගාවට අවශ්‍ය ජලය සීමා වී ඇති බව නාවික හමුදාව පවසයි.

මෙම සුන්බුන් ඉවත් කිරීම මගින් ප්‍රදේශයට ජලය සැපයීම පමණක් නොව පහත් බිම්වල ගංවතුර අවදානම ද අඩු කිරීමට හේතු වූ බව ද නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ මගපෙන්වීම යටතේ වයඹ නාවික විධානයේ කිමිදුම් ඒකකය විසින් එම කාර්යය සිදු කරන ලදී.