ගුවන් හමුදා විසිරයාමේ පෙළපාලියක් දියතලාව දී

ජුලි 11, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදා විසිරයාමේ පෙළපාලියක් පසුගියදා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ දී ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් එම්.ඩී රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කෙඩෙට් නිලධාරින් හා කෙඩෙට් නිලධාරිනියන් 77 දෙනෙකු සහ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 601 දෙනෙකු තම පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙහි දී විසිර යන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පී.එස්.එන්.ප්‍රනාන්දු ඇතුලු පුහුණු පාසලේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.