නාවික හමුදාව කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක

ජුලි 26, 2022

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේදී පසුගියදා පැවැත්විණි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් පරිදි සාගරයට එක්වන ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණින් නාවික හමුදාව වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා නිතර දායක වන බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ හි 05 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා සහය දැක්වූ බව නාවික හමුදාව තහවුරු කළේය.