නව අතිරේක ලේකම් - ආරක්‍ෂක පත් කෙරේ

අගෝස්තු 02, 2022

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - ආරක්‍ෂක ලෙස ආර් එම් පී එස් රත්නායක මහතා ඊයේ (අගෝස්තු 01) පත් කරන ලදී.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ආරක්‍ෂක අමාත්‍යංශයේදී රත්නායක මහතා වෙත ඔහුගේ එම පත්වීමේ ලිපිය ලබා දුන්නේය.

නව තනතුර භාර ගැනීමට පෙර ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - පාර්ලිමේන්තු කටයුතු, ප්‍රතිපත්ති හා සැලසුම් ලෙස කටයුතු කළේය.

රත්නායක මහතාට පෙර අතිරේක ලේකම් - ආරක්‍ෂක ලෙස කටයුතු කල පී බී එස් සී නෝනිස් මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත.