තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ
ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරේ

අගෝස්තු 04, 2022

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ (NAHTTF) රැස්වීම ඊයේ (අගෝස්තු 3) ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විය.

මෙම ජාතික කාර්ය සාධක බලකා සාමාජික රැස්වීම, ආරක්ෂක ලේකම් සහ එහි සභාපති ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එහිදී ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන ලදි. තවද 2022 එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව දෙවන මට්ටමට (Tier 2) උසස් වීම සඳහා එහි සාමාජිකයින්ගේ කැපවීමද මෙහිදී ඇගයීමට ලක්විය.