නව අධ්‍යක්ෂ ජෙනරාල් - සැලසුම් පත් කෙරේ

අගෝස්තු 15, 2022

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් - සැලසුම් ලෙස අනුර රණසිංහ මහතා අද (අගෝස්තු 15 ) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

ඒ අනුව, රණසිංහ මහතා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙතින් අද අමාත්‍යාංශයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන අතර වසර 28 කට ආසන්න කාලයක් විවිධ තනතුරු දරමින් රාජ්‍ය සේවයේ නිරතව සිටී.