කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පර්යේෂණ ජාත්‍යන්තර සඟරාවෙහි තවත් වෙළුමක්

අගෝස්තු 18, 2022

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර පරිගණක පර්යේෂණ සඟරාවේ 02 වන කලාපයෙහි 01 වන වෙළුම නිකුත් කරන ලදී.

පරිගණක පීඨයේ පීඨාධිපති ආචාර්ය ADAI ගුණසේකර විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් වෙත එහි පළමු පිටපත පිළිගැන්වීය.

මෙම ද්වි-වාර්ෂික ප්‍රකාශනය ශ්‍රී ලාංකීය සහ ජාත්‍යන්තර විද්වතුන් සඳහා පරිගණක ක්ෂේත්‍රය සහ එවැනි අති නවීන තාක්ෂණයන් පිළිබඳ නවතම දැනුම බෙදා හැරීමට අවස්ථාවක් සපයයි.

මෙම වෙළුමේ සෑම ලිපියක්ම උසස් තත්වයේ පර්යේෂණවල ප්‍රතිඵල සමඟ ලියා ඇති අතර ඒවා වැඩිදුර ගවේෂණාත්මක හා පර්යේෂණාත්මක කටයුතු සඳහා අඩිතාලම දමමින් නව අවබෝධයක් ලබා දෙන බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පැවසීය.

මෙය, පර්යේෂණවල අභිවෘද්ධිය සඳහා ක්ෂේත්‍රයේ දැනුම වැඩි දියුණු කරන අතර, සෑම ලිපියක්ම අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා සහ ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක විශේෂඥ සමාලෝචකයින් තිදෙනෙකු හරහා සමාලෝචනය කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මේ සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල කර්තෘ මණ්ඩලයේ කීර්තිමත් සාමාජිකයින්ගේ නිර්දේශ මත පදනම්ව හොඳම සහ ගුණාත්මක ලිපි තෝරා ගන්නා ලදී.

ජාත්‍යන්තර පරිගණක පර්යේෂණ සඟරාව, එහි අඛණ්ඩ ප්‍රකාශනය තුළින් විද්වතුන් සහ වෘත්තිකයන් අතර තිරසාර පර්යේෂණ සංස්කෘතියක් ඇති කරනු ඇතැයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වාස කරයි.