අපජල මාර්ග අවහිරතා ඉවත් කිරීමට යුද හමුදාවේ සහාය

අගෝස්තු 23, 2022

යුද හමුදාව, නාවලපිටිය නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් සේවකයින් එක්ව නාවලපිටිය නගරයේ අවහිරව තිබූ අපජල මාර්ග පද්ධතිය පිරිසිදු කරන ලදී.

ගම්පොල, අටබාගේ යුද හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා සිය දායකත්වය ලබා දුන් බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

කානු අපද්‍රව්‍ය වලින් වැසී යාමෙන් වර්ෂා ජලය ගලායාම අවහිර වී හන්ග්‍රන් ඔයේ ජල පොම්ප කිරීමේ සහ පවිත්‍ර කිරීමේ මධ්‍යස්ථානයට බලපෑම් එල්ල වූ බවද යුද හමුදාව ප්‍රකාශ කළේය.