සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන්

අගෝස්තු 25, 2022

ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙහි සයිබර් ආරක්‍ෂාව සම්බන්ධ  දැනුම වර්ධනය කිරීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්‍ෂණ) ඉංජිනේරු එස්.ජී.ඒ.ආර්.කේ.ආර්. සෙනවිරත්න මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 24  දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ අංශය මගින් මෙහෙයවන ලද  මෙම වැඩසටහනට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සයිබර් ආරක්‍ෂණ ඉංජිනේරු  නිලධාරීන් සම්බන්ධ විය.