ගුවන් හමුදාවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක් කොළඹදී

සැප්තැම්බර් 13, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්පුර ගුවන් හමුදා රෝහලේ ආයුර්වේද වෛද්‍ය සායනයක් පසුගියදා ආරම්භ කරන ලදී.

රාජගිරිය ආයුර්වේද රෝහල සමඟ එක්ව දෙසතියකට වරක් බ්‍රහස්පතින්දා දිනවල රෝහල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත මෙම ආයුර්වේද සායනය මගින් ගුවන් හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ පවුල්වල සහ විශ්‍රාමික ගුවන් හමුදා සාමාජිකයින් සඳහා ආයුර්වේද ඖෂධ ලබා දෙන බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.