ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

සැප්තැම්බර් 14, 2022

ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 සැප්තැම්බර් 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ අඟහරුවාදා (සැප් 13) දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ වෙතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.