නවසීලන්ත මහ කොමසාරිස් ජාතික බුද්ධි ප්‍රධානී හමුවෙයි

සැප්තැම්බර් 21, 2022

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මැතිතුමා ඇතුළු නියෝජිත පිරිසක් අද (21) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුවේදී ද්විපාර්ශ්වික වැදගත් අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව ජාතික බුද්ධි ප්‍රධානී සහ නියෝජිත පිරිස අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.