කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්‍ෂිත කලාප ලෙස නම් කෙරේ

සැප්තැම්බර් 24, 2022

කොළඹ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
 
මෙම නියෝග ක්‍රියාත්මක කිරීමේ නිසි බලධාරියා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වේ.

‍ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රකාශයට පත් කර ඇති අධි ආරක්ෂිත කලාප පහත පරිදි වේ.

පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය අකුරේගොඩ, ශ්‍රී ලංකා ගුවන් හමුදා  මූලස්ථානය කොම්පඤ්ඤවීදිය, අගමැති කාර්යාලය මල්පාර, අරලියගහ මන්දිරය කොල්ලුපිටිය, ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස.