රටේ සංවර්ධනයට සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවේ දායකත්වය ආරක්ෂක රාජ්‍ය ඇමතිගේ පැසසුමට

සැප්තැම්බර් 24, 2022
  • ආරක්ෂක රාජ්‍ය ඇමති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංචාරයක

රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තම සංචාරය සිදු කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (22) මොරටුවේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණියේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‌ෙජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ විසින් රාජ්‍ය අමාත්‍යවරයා පිළිගන්නා ලදී.

මෙහි පැවති සාකච්ඡාවේදී, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් සහ එහි රාජකාරීන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලද අතර ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් ඔවුන් රටේ සංවර්ධනයට සහ ආර්ථිකයට දක්වන දැවැන්ත දායකත්වය ඇගයීමට ලක් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම සංචාරය අතරතුර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.