වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කෙරේ

සැප්තැම්බර් 26, 2022

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කර ඇති අතර, ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිල විදේශ සංචාර කාලසීමාවේ දී ඔවුන් අදාළ අමාත්‍යාංශ භාරව කටයුතු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේය.